සත්‍යයේ පුවත් අඩහැරය….

ක්ෂය රෝගය තුරන් කිරීමේ සමුළුවට සහභාගී වීම සදහා අමාත්‍ය රාජිත සේනාරත්න ඉංදියාවට යයි…

Podu Jana Peramunaක්ෂය රෝගය තුරන් කිරීම සඳහා වන නායකත්ව සමුළුවට සහභාගී වීම සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉංදියාව බලා පිටත්ව යයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) දින සමාරම්භක උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම සමුළුව ඉන්දියාවේ, නවදිල්ලි නුවර දී (13) සහ (14) යන දෙදින තුල පැවැත්වෙන අතර ඒ සදහා අමාත්‍යවරයා සමග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද සහභාගි වීමට නියමිතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල ක්ෂය රෝගය තුරන් කිරීම මෙම සමුළුවේ අරමුණ වී ඇති අතර එහිදී මෙරට ක්ෂය රෝගය තුරන් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් විශේෂ දේශණයක් පැවැත්වීමට ද නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට