සත්‍යයේ පුවත් අඩහැරය….

ෆේස්බුක් වංලගුභාවය පිළිබද තීරණය අද …

Podu Jana Peramunaපසුගිය දින මහනුවර ප‍්‍රදේශයේ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය සැළකිල්ලට ගනිමින් ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට පනවා තිබූ අවහිරතා සම්බන්ධයෙන් අද (12) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත.ඇතිවූ තත්ත්වය හමුවේ ජාතිවාදීන් විසින් ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි හරහා අසත්‍ය තොරතුරු පතුරවාහැරීම වැලැක්වීම සදහා ඉකුත් 07 දින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.එම අවහිරතාවය පැය 72 කට සීමා කිරීමට රජය විසින් තීරණය කලද, එය මේ දක්වාද ක්‍රියාත්මක වීම හේතුවෙන් තීරණයක් ගැනීම සදහා අද සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත. මේ වන විට රට තුළ සාමකාමී වාතාවරණයක් පැවතීම හේතුවෙන් ෆේස්බුක් අවලංගු කරන්නේද? නැද්ද? යන්න පිළිබදව තීරණය කෙරේ. ෆේස්බුක් භාවිතා කිරීම තහනම් කර තිබියදී අයතා ලෙස එයට ඇතුලුවී ජාතීන් අතර අසමගිය ඇතිවන පරිදි කටයුතු කිරීමට අදාළව අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා ලබන 22 වනදා තෙක් මාකොළ තරුණ රැදවුම් මධ්‍යස්ථානයේ රැඳවීමට අධිකරණය ඊයේ (11) නියෝග කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට