සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය සේවයේ දුර්වලතා ගැන අවධානය යොමු නොකර මගී ප්‍රවාහන ගාස්තුව ඉහළ දැමීමේ තීරණය හෙළා දකිනවා – දුම්රිය වෘත්තීය සමිති සන්ධානය

Podu Jana Peramunaමෙරට දුම්රිය සේවය තුළ පවතින දුර්වලතා සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකර දුම්රිය ගාස්තු වැඩිකිරීමට බලධාරීන් විසින් ගෙන ඇති තීරණය දැඩිව හෙළා දකින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ලබන අපේ‍්‍රල් මස 01 දින සිට දුම්රිය ගාස්තු 15‍% කින් වැඩිකිරීමට බලධාරීන් විසින් තීරණය කර ඇති අතර මින් සිදුවන්නේ දුම්රිය සේවය අඩපණ වීම පමණක් බවයි. දුම්රිය දෙපාර්තමේන්තුවට වඩා ජාවාරම්කාරයින්ට ආදරය කරනු ලබන බලධාරින් පිරිසක් සේවය කිරීම නිසා දෙපාර්තමේන්තුවේ ආදායම හීනවී ඇති අතර වංචාව, දූෂණය, අක‍්‍රමිකතා හා නාස්ති කිරීම් හේතුවෙන් ද අති විශාල ආදායමක් දෙපාර්තමේන්තුවට අහිමි වන බවත් මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත. මේ තත්ත්වය හේතුවෙන් දුම්රිය සේවය ඉහළ නංවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසද දුම්රිය වෘත්තීය සමිති සන්ධානය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් ද කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට