සත්‍යයේ පුවත් අඩහැරය….

ග්ලයිපෝසේට් තහනම ඉවත්කිරීමේ උත්සහයක්, ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍යයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaදැනට ක්‍රියාත්මක වන ග්ලයිපෝසේට් තහනම ඉවත්කරලීමේ උත්සහයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සදහන් කළේ මීට පෙර ග්ලයිපෝසේට් තහනම් කිරීම සම්බන්ධයෙන් තම සංගමය දැඩි සතුටට පත්වූ අතර එම තීරණය අගය කිරීමට පවා කටයුතු කළ බවයි. තේ වතු ඇතුළු වගා බිම්වලට ග්ලයිපෝසේට් එක්වීම තුළින් වස විස මිනිස් ශරීරගතව, පිළිකා වැනි රෝග මේ වන විට බහුල වී ඇති බවත් මේ හරහා ජාත්‍යන්තර වෙළද පොළ පවා මෙරටට අහිමිව යනු ඇති බවද අලුත්ගේ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ද සහභාගි වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට