සත්‍යයේ පුවත් අඩහැරය….

ග්ලයිෆොසෙට්‌ තහනම ඉවත් කළහොත් ජනතාව සමග වීථි බැස විරෝධය පළකරනවා – පූජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaවසවිසෙන් තොර රටක් බිහි කිරීමේ අරමුණින් පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබාදුන් බැවින් ග්ලයිෆොසෙට්‌ තහනම ඉවත් කළහොත් ජනතාව සමග වීථි බැස ඊට විරෝධය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. ග්ලයිෆොසෙට්‌ තහනම ඉවත් කිරීම සම්බන්ධ කැබිනට්‌ පත්‍රිකාව අද (27) දින කැබිනට්‌ මණ්‌ඩලය වෙත ඉදිරිපත්කිරීමට නියමිතව ඇති අතර මෙරට අතිවිශාල සමාගම් මගින් කරනු ලබන ඉල්ලීම් වලට ඇහුම්කන් දී ග්ලයිෆොසෙට්‌ තහනම ඉවත් කිරීම, සමස්ත රටටම අහිතිකර ලෙස බලපානු ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියි. වත්මන් ජනාධිපතිවරයා මෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාත් රජරට පුද්ගලයින් දෙදෙනෙකු වුවද අද වන විට රජරට ජනතාව දැඩිලෙස වකුගඩු රෝගයට ගොදුරු වී ඇත්තේද මෙම වස විස භාවිතය නිසා බව ද පූජ්‍ය අතුරලියේ රතන හිමි තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට