සත්‍යයේ පුවත් අඩහැරය….

ලෙස්ටර්ගේ රණ මයුර සම්මානයේ පදක්කම හොයන්න පොලිසිය සීරුවෙන්..

Podu Jana Peramunaඅභාවප‍්‍රාප්ත, ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමිවූ රණ මයුර සම්මානය සමග ලැබුනු පදක්කම අතුරුදන්වීම පිළිබද මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසා සිටියි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය බම්බලපිටියේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබියදී ඊයේ (02) මෙම පදක්කම අතුරුදන් වී ඇති බවට බම්බලපිටිය පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදුකරමින් පවතින බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. 1965 වසරේ නව දිල්ලි සිනමා උළෙලේදී හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය ගම්පෙරළිය චිත‍්‍රපටය වෙත ලබාදෙමින් මෙම රණ මයුර සම්මානය සහ පදක්කම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ප්‍රදානය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට