සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන් කාදිනල්වරයා හමුවෙයි..

Podu Jana Peramunaලබන 17 වන දා පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තම කණ්ඩායමේ යෝජනා සහ තීන්දු තීරණ ඉදිරිපත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි. පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරුන් දසදෙනෙකු අද (11) උදෑසන අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා හමුවූ අවස්ථාවේදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා දැනුවත් කිරීම සදහා මෙම පිරිස අද බිෂොප් මැදුර වෙත පැමිණි අතර එහිදී සිය අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසා සිටියේ දේශප්‍රේමී, ප්‍රගතිශීලි පක්ෂ සහ ජනතාව සමග එක්ව රාජ්‍ය බලය ලබාගැනීම සදහා කටයුතු කිරීම මෙම පිරිසේ මූලික පරමාර්ථය බවයි.

අදාළ පිරිස හමුවේ තිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා අවධාරණය කර ඇත්තේ සෘජු තීරණ ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයට එක්ව කටයුතු කිරීමට නොහැකි බවයි.

මෙම අවස්ථාව සදහා පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරුන් වන ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න, තිලංග සුමතිපාල, චන්දිම වීරක්කොඩි, සුසිල් ප්‍රේමජයන්ත්, ඩිලාන් පෙරේරා, සුමේධා ජී. ජයසේන, අනුරාධ ජයරත්න සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන්ද එක්ව සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට