සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතාව පෙළන වත්මන් ආණ්ඩුවට එරෙහිව බිම් මට්ටමේ සටනක් ආරම්භ කළයුතුයි – මහාචාර්ය ජී.එල් පීරිස්

Podu Jana Peramunaරටේ ජනතාව මත බදු පනවමින් ජීවන බර ඉහළ නැංවීමට කටයුතු කළ ද තම වියදම් අවම කිරීමට ආණ්ඩුවේ සාමාජිකයින් කිසිදු අවස්ථාවක සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කර සිටියි. ඊයේ (14) බත්රමුල්ලේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින ලද්දේ වත්මන් ආණ්ඩුවේ ආර්ථික ත්‍රස්තවාදය හමුවේ ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති අතර වර්තමානය වන විට රටේ ජනතාව මුහුණ දී ඇති දැඩි පීඩාකාරී තත්ත්වයෙන් ඔවුන් මුදවා ගැනීමට නම් බිම් මට්ටමේ සටනක් ආරම්භ කළයුතුව ඇති බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට