සත්‍යයේ පුවත් අඩහැරය….

මූල්‍ය වංචා නඩුවකට ඉදිරිපත්වී නෑ, රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පල මහතා අත්අඩංගුවට..

Podu Jana Peramunaමූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන නඩු විභාගයක් සදහා ඉදිරිපත් නොවීමේ චෝදනාව මත රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පල මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මිලියන 08 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වන නඩු විභාගයකට ඉදිරිපත් නොවීමේ චෝදනාව මත ඊයේ (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත. ජනාධිපතිවරයා විසින් පසුගියදා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස අනුරුද්ධ පොල්ගම්පල මහතා පත්කරන ලද අතර ඒ මහතාට එම ධූරයේ රැදී සිටීමට හැකිවූයේ සතියක කාලයක් පමණි. අදාළ පත්කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් එල්ල කරන ලද චෝදනා හමුවේ අදාළ පත්වීම අවලංගු කිරීමට කටයුතු කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට