සත්‍යයේ පුවත් අඩහැරය….

විපක්ෂයේ ප්‍රගතිශීලි නායකයින් හමුවී සාකච්ඡා කර, රටට හිතැති පිරිස් එක්කරගනිමින් ජනතාවාදී ආණ්ඩුවක් බිහිකිරීම ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී.ල.නි.ප කණ්ඩායමේ අරමුණයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන

Podu Jana Peramunaවිපක්ෂයේ ප්‍රගතිශීලි නායකයින් හමුවී සාකච්ඡා කර රටට හිතැති පිරිස් එක්කරගනිමින් ජනතාවාදී ආණ්ඩුවක් බිහිකිරීම, පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මුඛ්‍ය පරමාර්ථය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි. ඊයේ (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී කණ්ඩායම කිසිවෙකුගේ අතකොළුවක් නොවන අතර කවර පාර්ශවයක හෝ කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක නොකරන බවයි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයනත් මහතා පවසා සිටියේ මෙරට රණවිරුවන් සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පසුගියදා සිදු කරන ලද ප්‍රකාශය දැඩිව හෙළා දකින බවයි. යුද සමයේදී රණවිරුවන් විසින් තොප්පිගල මුදවා ගන්නා ලද අවස්ථාවේ “තොප්පිගල යනු මහ කැළයක්” බව පවසමින් රණවිරුවන් අවතක්සේරු කළ එවක විපක්ෂ නායක, වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැනි පුද්ගලයින් ද මෙවර ජාතික රණවිරු සැමරුමට සහභාගි වන බව ද සුසිල් ප්‍රේමජයනත් මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ සංවිධාන‍යේ සාමාජිකයින් සැමරීම සහ සිය දේශපාලන අරගලයේදී මිය ගිය සාමාජිකයින් ජනතා විමුක්ති පෙරමුණ විසින් සැමරීම යන සිදුවීම් දෙක පටලවා ගනිමින් අදහස් පළකළ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තම කණගාටුව පළකරන බව මෙම අවස්ථාවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් පවසා සිටින ලදී. සිය අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා තවදුරටත් පවසා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිර්මාණය කරන ලද ආර්ථික කමිටුව විසින් නිසි කලට විසදුම් ලබානොදීම නිසා විවිධ වෘත්තීන් තුළ දැඩි ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට