සත්‍යයේ පුවත් අඩහැරය….

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා දුම්රිය සේවකයින් වර්ජනයකට අවතීරණයවේ…

Podu Jana Peramunaදුම්රිය තාක්‍ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව අද (29) දින සවස් කාලයේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් කර ඇති බවට වාර්තාවේ. පැය 48ක් දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වර්ජනය ලබන 31 වනදා දක්වා පැවැත්වෙනු ඇති බව දුම්රිය තාක්‍ෂණ සේවා වෘත්තිය සමිති කමිටුවේ ලේකම් ඒ. රත්නසිරි මහතා අවධාරණය කරයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි 05 ක් සදහා ලබාදී තිබෙන වැටුප් වැඩිවීමට අදාලව දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ත සේවකයින් සදහා ද 12%ක වැටුප් වැඩි වීමක්, දිරි දීමනාව සහ පැය 08 වැඩ දිනය තහවුරු කිරීම යන කරුණු 03 මුල් කර ගනිමින් මෙම වර්ජනය කිරීමට තීරණය කල බවයි. සිය ඉල්ලීම් වලට විසදුම් ලබා දීමට බලධාරීන් අසමත් උවහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට අවතීරණය වන බවත් මෙම වර්ජනය සදහා දුම්රිය ස්ථාන, ධාවනාගාර, අංගන ඇතුළු දුම්රිය සේවයට සම්බන්ධ සේවකයින් දොලොස් දහසක් පමණ සහභාගි වනු අැති බව ඒ මහතා අවධාරනය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට