සත්‍යයේ පුවත් අඩහැරය….

මහින්ද රාජපක්ෂ පාලනයක්‌ යටතේ මුස්‌ලිම් ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ පරිසරයක් ඇති කරනවා – ගෝඨාභය රාජපක්‍ෂ ..

Podu Jana Peramunaමහින්ද රාජපක්ෂ පාලනයක්‌ යටතේ මුස්‌ලිම් ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ වාතාවරණයක්‌ ඇති කර සිංහල, දමිළ, මුස්‌ලිම් ජනතාවට සතුටින් ජීවත්විය හැකි සංවර්ධිත රටක්‌ බවට ලංකාව පත් කරන බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ රාමසන් උත්සවය සමරමින් මග්ගොන පැවැති ඉප්ථාර් ආගමික මෙහෙයට සහභාගි වෙමින්ය. යුද්ධය අවසන් කිරීමෙන් පසුව පැවති රජය නැගෙනහිරත් උතුරත් සංවර්ධනය කිරීමටත් මුස්‌ලිම් හා දමිළ ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක්‌ කළා. ඒ පිළිබඳව පුළුල් ප්‍රචාරයක්‌ ලබා දිමට කටයුතු නොකළ බවත්  හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පවසන ලදී. බේරුවල මිල්පර් කපූර් පදනම සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී තවදුරටත් කතා කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙසේද පැවැසීය. 2005 වසරේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රට වෙනුවෙන් මට වගකීමක්‌ භාර දුන්නා. ඒ ත්‍රස්‌තවාදය පරාජය කිරීමයි. එම කාලයේ නැගෙනහිර මුස්‌ලිම් ජනතාව ඇතුළු යුද්ධයෙන් පීඩා වින්ද සියලුම ජනතාව වෙනුවෙන් ත්‍රස්‌තවාදීන් පරාජය කිරීමට මට හැකි වුණා. එම කටයුත්ත මා ඉෂ්ට කිරීමට කටයුතු කළා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට