සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ නිලවරණය කල් යයි…

Podu Jana Peramunaශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සදහා නව නිලධාරී මණ්‌ඩලයක්‌ තෝරා ගැනීමේ නිලවරණය අද (31) දින පැවැත්වීමට තිබුනද, එම නිලවරණය අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ (30) නියෝග කර ඇති අතර එය ලබන 14 දින දක්වා බලපැවැත්වෙනු ඇති බව අභියාචනාධිකරණය නියෝග කර ඇත. ක්‍රිකට්‌ ආයතනයේ වත්මන් සභාපති ධූරය දරණ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මෙම නිලවරණයට තරග කරන බැවින් ඔහුට විරුද්ධව ක්‍රිකට්‌ ආයතනයේ හිටපු ලේකම්වරයකු වූ නිශාන්ත රණතුංග මහතා ගොනු කර තිබූ රිට්‌ පෙත්සම් සමඟ ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම දීර්ඝ වශයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත. තවද ඉදිරියේදී නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගන්නා තුරු මෙම නිලධාරී මණ්ඩලය එම ධූර වල කටයුතු කරන බවත් අභියාචනාධිකරණයේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ එම පෙත්සම සලකා බැලීමෙන්  අනතුරුව නියෝගය ලබා දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට