නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ බිරිදට සහ දියණියට ඇප..
අධිකරණයට භාරවූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිද සහ දියණියට ඇප ලබාදී ඇති බව වාර්තා වේ. පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් කුරුඳුවත්ත පොලීසියට නියෝග කරන ලද අතර ඔවුන් දෙදෙනා අද (04) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට භාරවූ අතර එහිදී ඔවුන්ට ඇප හිමිවිය.