සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා – සිංගප්පූරු ගිවිසුම ගැන විවාදයකට එන්නැයි අමාත්‍ය මලික්ට අභියෝග කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

Podu Jana Peramunaපර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනෙකු මුදල් ලබාගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය මෙරට දේශපාලඥයින්ට අවමානයක් බවත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමට කථානායකවරයා කටයුතු කළයුතුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කර සිටියි.ඊයේ (05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර සිය අදහස් දක්වමින් සේමසිංහ මහතා තවදුරටත් පවසා සිටියේ ඉහත ප්‍රකාශය හේතුවෙන් මෙරට අනෙකුත් ගැටළුකාරී තත්ත්වයන් රැසක් යටගැසී ඇති බවයි. මේ වන විට රටපුරා පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීමේ දැවැන්ත ක්‍රියාවලියක් දියත් වෙමින් පවතින බවත් ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය පවා ලැබෙන තත්ත්වයක් උද්ගතව ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර එළඹීමට නියමිතව ඇති ගිවිසුම හොර රහසේ සකස් කරන ලද්දක් නොවන බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසන නමුත් අදාළ ගිවිසුම මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවයි. අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ ඒකාබද්ධ විපක්ෂය විසින් බවත් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර එළඹීමට නියමිතව ඇති ගිවිසුම පිළිබදව කරුණු දැක්වීම සදහා ඕනෑම අවස්ථාවක විවාදයකට පැමිණෙන්නැයි අමාත්‍යවරයාට සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයාට අභියෝග කර සිටින බවද බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට