සත්‍යයේ පුවත් අඩහැරය….

නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් සහ නියෝජ්‍ අමාත්‍යවරුන් පහක් දිවුරුම් දෙයි..

Podu Jana Peramunaනව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය ඇමැතිවරු පස්‌ දෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (12) දිවුරුම් දෙන ලදී. ඒ අනුව සංචාරක, සංවර්ධන හා ක්‍රිස්‌තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන යන මහත්වරුන් පත්කර තිබේ. පරිසර නියෝජ්‍ය ඇමාත්‍යවරයා ලෙස අජිත් මාන්නප්පෙරුම, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අංගජන් රාමනාදන්,නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කාදර් මස්‌තාන්, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස එඩ්වඩ් ගුණසේකර, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නලින් බණ්‌ඩාර යන මහත්වරුන් පත් කර තිබේ. මෙම නව නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්වීම් ලබාගත් අංගජන් රාමනාදන් හා කාදර් මස්‌තාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂය නියෝජනය කරන අතර අනෙක් නියෝජ්‍ය අමාත්‍යවරුන් පස්‌දෙනා එක්‌සත් ජාතික පක්‍ය නියෝජනය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට