සත්‍යයේ පුවත් අඩහැරය….

ඉල්ලීම් වලට මෙතෙක් විසදුම් නෑ, සමස්ත ලංකා හෙද සංගමයෙන් විරෝධතාවයක්..

Podu Jana Peramunaවෘත්තීය ඉල්ලීම් කිහිපයක් සදහා විසදුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් අද (11) දින විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසා සිටියි. ඒ අනුව අද දහවල් 12.00 ට කොළඹ ජාතික රෝහල ඉදිරිපිට සිට සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා විරෝධතා පාගමනින් පැමිණ එම ස්ථානයේ උද්ඝෝෂණයක් පවත්වන බව එම සංගමය අනාවරණය කර සිටියි.

හෙද සේවාව තුළ උද්ගතව තිබෙන විවිධ ගැටළු 06 ක් මුල්කරගනිමින් මෙම විරෝධතා ක්‍රියාමාර්ගය දියත් කරන බවත් මෙම ගැටළු සම්බන්ධයෙන් දිගින් දිගටම බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු ආකරයක පිළිගත හැකි විසදුමක් නොලැබුනු බැවින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණවූ බවද සමස්ත ලංකා හෙද සංගමය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට