ශ‍්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම, පාර්ලිමේන්තු විවාදය අද..
මෙරට තුළ දැඩි කථාබහකට ලක්ව ඇති ශ‍්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (17) පැවැත්වීමට නියමිතව ඇත. දහවල් 1.30 සිට සවස 6.30 දක්වා පැය පහක කාලයක් පුරා මෙම විවාදය පැවැත්විමට නියමිතව ඇති අතර ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විවාදයේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.