බිත්තර මිල ඉහළට..
නිෂ්පාදිත වියදම් ඉහළයාම නිසා බිත්තර මිල ඉහළ ගොස් ඇතැයි සමස්‌ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අනාවරණය කර සිටියි.ඒ අනුව මේ වන විට වෙළදපොලේ බිත්තර මිල රුපියල් 19 ත් 20 ත් දක්‌වා ඉහළ ගොස් තිබෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. බිත්තර නිෂ්පාදනයට අවශ් වන විවිධ විටමින් වර්ග සහ කුකුළු ආහාර මිල ඉහළ යැම නිසා මෙවැනි තත්ත්වයක් උදාවී තිබෙන බවද එම සංගමය තවදුරටත් පවසා සිටියි.