සත්‍යයේ පුවත් අඩහැරය….

නුවරඑළිය හිටපු නගරාධිපතිට ඇප …

Podu Jana Peramunaනුවරඑළිය හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියම කර ඇත. 2013 වසරේ නුවරඑළිය වසන්ත සැණකෙලි උත්සවය සඳහා පෞද්ගලික අනුග්‍රහකයකු විසින් පරිත්‍යාග කළ රුපියල් දෙලක්ෂ විසිපන් දහසක මුදලක් සිය ගිණුමේ තැන්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු නගරාධිපතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වැරදිකරුව බන්ධනාගාර ගතව සිටි හිටපු නගරාධිපතිවරයා මෙලෙස රුපියල් 20, 000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කර ඇත. එම නඩුව යලි නොවැම්බර් මස 09 වන දින පැවැත්වීමට නියම කර ඇති අතර එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කිරීමටද නියෝග කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට