සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවට ලැබුනු අත්හැර දැමූ කුඹුර බාධා හමුවේ වුවත් වැපීරීමට කටයුතු කළා, එහි අස්වැනු නෙළීම මේ වන විට ආරම්භ වෙලා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaආණ්ඩුවට ලැබුනු අත්හැර දමා තිබූ තිබූ කුඹුර බාධා හමුවේ වුවත් වැපීරීමට කටයුතු කරන ලද බවත් එහි අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භවී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. ඊයේ (06) එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා විසින් මෙම අදහස් පළකරන ලදී.

පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම සංවත්සරය පැවති අතර මෙම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නායකයින්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය. මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ රටේ ආර්ථික කුඹුර වපුරන අතරතුරදී රටට අවශ්‍ය පහසුකම්, ජනතාවට සහන මෙන්ම අනෙකුත් සංවර්ධක ව්‍යාපෘති සියල්ලක්ම පාහේ නිසි පිරිදි දියත් කිරීමට කටයුතු කරන ලද බවයි.

මෙම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, සභාපති කබීර් හෂීම්, භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ද මෙහෙදී අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට