සත්‍යයේ පුවත් අඩහැරය….

“ගම්පෙරළිය” සංවර්ධන වැඩසටහනින් සංවර්ධන නිලධාරීන් ඉවත්කර ඔවුන් අසාධාරණයට ලක්කරලා – සංවර්ධන නිලධාරී සේවා සංගමය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව විසින් දියත් කර ඇති “ගම්පෙරළිය” සංවර්ධන වැඩසටහනට අදාළ කටයුතු වලින් සංවර්ධන නිලධාරීන් ඉවත්කිරීම එම නිලධාරීන්ට සිදුකරන ලද දැඩි අසාධාරණයක් බව සංවර්ධන නිලධාරී සේවා සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සභාපති චන්දන සූරියආරච්චි මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. සිය අදහස් දක්වමින් චන්දන සූරියආරච්චි මහතා පවසා සිටියේ “ගම්පෙරළිය” සංවර්ධන වැඩසටහනේ කටයුතු වලින් සංවර්ධන නිලධාරීන් ඉවත්කර මාණ්ඩලික සහ තාක්ෂණික නිලධාරීන් පමණක් ඒ සදහා යොදාගැනෙන ආකාරයට මුදල් අමාත්‍යංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් චක්‍ර ලේඛයක් සකස් කර ඇති බවයි.

මේ ආකාරයට සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය අයිතීන් කප්පාදු කිරිම පිළිබදව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍යවරයා ඇතුඵ අනෙකුත් බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධනේ ඔවුන්ගේ අවධානය වහාම යොමුවනු ඇතැයි තම සංගමය බලාපොරොත්තු වන බවත් සංවර්ධන නිලධාරී සේවා සංගමය තවදුරටත් පවසා සිටියි.

මේ අනුව සිය වෘත්තීය ගැටළු ආරක්ෂා කරදීමට බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරියේදී රට තුළ සිදුකරනු ලබන කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සදහා තම දායකත්වය ලබානොදෙන බවද සංවර්ධන නිලධාරී සේවා සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට