සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම නිසා විමල් සහ ප්‍රසන්නට පාර්ලිමේන්තුව තහනම් වෙයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු සේවා කාලය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. අද (21) උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත. එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ පැවති විවාදය අතර තුළ පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම නිසා පරීක්ෂණයක් සිදුකිරීමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත යෝජනාවක් ඉදිරිපත් කෙරුණු අතර, කමිටුවේ පරීක්ෂණයෙන් අනතුරුව ඉහත තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගේ පාර්ලිමේන්තු සේවා කාලය සති 4 කට ද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු සේවා කාලය සති 2 කට ද අත්හිටුවීමට තීරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට