ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය ඊයේ දිනෙන් අවසන්..
ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය ඊයේ (21) දිනෙන් අවසන්වූ බව වාර්තා වේ. නිල කාලය අවසන් වුවද ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වය දරණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, මහින්ද සමරසිංහ සහ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුනගේ නිල කාලය අවසන් නොවන බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. නිල කාලය අවසන් සාමාජිකයින් වන්නේ තිලක් මාරපන, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්වරුන් සහ අනෙක් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ පමණක් බවද එම ආරංචි මාර්ග පවසා සිටියි.