සනත් ජයසූරියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා දෙකක්..
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ තේරීම් කමිටු සභාපතිවරයෙකූ වූ සනත් ජයසූරිය මහතාට එරෙහිව චෝදනා එල්ල කර ඇති බව වාර්තා වේ.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ සංග්‍රහයේ නීති දෙකක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මෙසේ චෝදනා ගොනු කර ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන ඒකකයේ විමර්ශනයන්ට සහාය නොදීම, බාධා කිරීම සහ එම සිද්ධීන්ට අදාළ ලේඛණ සැඟවීම හෝ විනාශ කිරීම යන චෝදනා දෙක සනත් ජයසූරිය මහතාට එල්ලවී ඇති අතර එම චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට අද (15) සිට ඉදිරි දින 14 ක කාලය ජයසූරිය මහතාට ලබාදී ඇති බව ද වාර්තා වේ.