සත්‍යයේ පුවත් අඩහැරය….

අලි – දුම්රිය ගැටුම් වළක්වන්න කමිටුවෙන් නිර්දේශ 05 ක්..

Podu Jana Peramunaඉතා අවසනාවන්ත ලෙස අලින් දුම්රියේ ගැටීම වැළැක්වීම සදහා නිර්දේශ 05 ක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ. දුම්රියේ අලින් ගැටීම වැළැක්වීමට නිර්දේශ සැකසීම වෙනුවෙන් පත්කරන ලද විශේෂ කමිටුව විසින් මෙම නිර්දේශ දුම්රිය දෙපාර්තමේනතුවට ඉදිරිපත් කර තිබේ.

අදාළ කමිටුවේ සාමාජිකයින් මහව සිට ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය, තලෙයිමන්නාරම සහ කන්කසන්තුරේ යන දුම්රිය මාර්ගයන්හි සිදුකරන ලද නිරීක්ෂණයන්ගෙන් පසුව මෙම නිර්දේශ ඉදිරිපත්කර ඇත.

ඒ අනුව දුම්රිය රියදුරු මහත්න්ටවරුන්ට දුම්රිය මාර්ගය පැහැදිලිව පෙනීම සදහා එම මාර්ගය දෙපස මීටර් 30 ක් දක්වා වු ලදු කැළැ එලි කිරිම, උපරිම පැයට කිලෝ මීටර් 40 ක වේගයෙන් ගමන් කර වේග සීමා නියමිත ලෙස ක්‍රියාත්මක කිරිම, දුම්රිය මාර්ගය දෙපස කදුගැට සහිත ස්ථානවල අලි ඇතුන්ට මාරුවීම සදහා ඉහළින් මාර්ග යෙදීම, දුම්රිය පාලම් සහ බෝක්කු තුළින් අලි ඇතුන්ට මාරුවීම සදහා මාර්ග ඉදි කිරිම, දුම්රිය මාර්ගයට අලි ඇතුන් ඇතුල්වන ස්ථාන සදහා විදුලිවැට වැනි දේ මගින් බාධා යෙදීම මෙන්ම පුර්ව අනතුරු ඇගවීමේ සංඥා පද්ධති සවිකිරිම යන නිර්දේශ මෙම කමිටුව විසින් ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට