වැසි තත්ත්වය ඉදිරියටත්..
මේ වන දිවයිනට බලපා ඇති වැසි තත්ත්වය ඉදිරියටත් පවතිනු ඇති බවත් අහස වලාකුළින් බර ස්වභාවයක් දක්නට ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. දිවයින ආසන්නයේ මේ දිනවල පවතින අඩු පීඩන තත්ත්වයේ බලපෑමෙන් මෙවැනි කාලගුණ වාතාවරණයක් ඇතිවනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. ඒ අනුව රට අවට මුහුදු ප්‍රදේශයන්වලද මේ වන විට පවතින කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවද කාලගුණ විද් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.