සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් විදෙස් ගතවන්න අධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය ලෙස භාවිතා කළ බවට චෝදනා එල්ල කරමින් විදෙස් ගතවීම තහනම් කර ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට විදෙස් ගතවීම සදහා අධිකරණය අවසර ලබාදී තිබේ. අදාළ චෝදනාව සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගත් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහ අධිකරණය අද (07) මෙම අවසරය ලබාදී ඇත. ඒ අනුව ගාමිණී සෙනරත් මහතාගේ නීතිඥයින් විසින් ඒ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා ලබන 15 දා සිට 31 වනදා තෙක් සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවලට පිටත්ව යාමට අවසර ලබාදෙන්නැයි කරන ලද ඉල්ලීම සලකා බලමින් අධිකරණය විසින් ඉහත අවසරය ලබාදී තිබේ. මෙම නඩුව ලබන 10 වනදා තෙක් කල් තැබීමටද අධිකරණය තීරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට