සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික නිදහස් දින සැමරුම, ජාතික දින සැමරුම ලෙස වෙනස් කරනවා – වජිර අබේවර්ධන ..

Bomb ජාතික නිදහස් දින සැමරුම මින් ඉදිරියට සමරනු ලබන්නේ ජාතික දින සැමරුම ලෙස යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අටවැනි  වගන්තියේ නිදහස් දිනය සඳහන් වන්නේ ජාතික දිනය ලෙස බවත් ඒ අනුව කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (23) කොළඹ, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින්ය. නිදහස් දිනය හඳුන්වන්නේ ජාතික දිනය ලෙයසි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අටවැනි  වගන්තියේ ජාතික දිනය ලෙස තමයි එය සඳහන් වෙන්නේ. එහි තිබෙන්නේ නැෂනල් ඬේ යනුවෙන්. එහෙම නැතුව ෆ‍්‍රීඩම් ඬේ නෙමෙයි. ඒක තමයි අපිත් භාවිතා කළේ.  මේ ගැන  විශාල ප‍්‍රශ්නයක් ඇති කරගන්න එපා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ  අටවැනි වගන්තිය අනුව මෙය නිවැරදියි’’ යැයිද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට