වටවල ෆයිනස් වන වගා රක්ෂිතයක ගින්නක්..
ඊයේ (24) රාත්‍රි කාලයේදී වටවල ෆයිනස් වන වගා රක්ෂිතයක ගින්නක් හටගැනීමෙන් රක්ෂිතයේ අක්කර 4 ක පමණ කොටසක් විනාශ වී ඇතැයි වාර්තා වේ. අදාළ ගින්න අද (25) අළුයම් කාලය දක්වා පැවතී ඇති අතර අළුයම් කාලය තුළ පවතින පිනි සහිත ස්වභාවය සහ ශීත කාලගුණය සමඟ ගින්න නිවී ඇති බව වාර්තා වේ. කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලිසිය විසින් සැක පළ කරයි.