ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 162 ක් පසුපසින්..
සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ඊයේ (25) දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවන ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 17 ක් ලබාගෙන සිටියේය. දිමුත් කරුණාරත්න ලකුණූ 03 ක් ලබා සිටියදී දැවී ගිය අතර ළහිරු තිරිමාන්න නොදැවි ලකුණු 06 ක් ලබාසිටියි. තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකා පිල ලකුණු 144 ක් ලබාගත් අතර ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සදහා ලකුණු 323 ක් ලබාගන්නා ලදී. ඒ අනුව මේ වන විට ශ්‍රි ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු 162 ක් පසුපසින් වෙයි. අද (26) තරගයේ තෙවැනි දිනයයි.