සත්‍යයේ පුවත් අඩහැරය….

රටට නිදහස උරුම කරදුන් රණවිරුවන්ට සහ ජනතාවට මේ වන විට කිසිදු නිදහසක් ලැබී නෑ – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ

Bombරටට නිදහස උරුම කරදුන් රණවිරුවන් සහ ඒ වෙනුවෙන් කැපවූ ජනතාවට මේ වන විට කිසිදු නිදහසක් ලැබී නොමැති නමුත් දේශපාලඥයින් සියළු සැපසම්පත් විදිමින් සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. එම සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්න මහතා විසින් මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (04) කොළඹ, නිදහස් චතුරස්‍රයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කරමිනි.

විවිධ චෝදනා එල්ලකරමින් මේ වන විට සිරගත කර සිටින යුද හමුදා සාමාජිකයින්ට සමාව ලබාදෙන ඉල්ලා මීට දින කිහිපයකට පෙර කොළඹ කොටුවේදී සත්‍යග්‍රහයක් ආරම්භ කරන ලද මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය, ඊයේ එම සත්‍යග්‍රහය නිමාකර පාගමනින් නිදහස් චතුරස්‍රය දක්වා පැමිණ එහිදී කෙටි වේලාවක් සත්‍යග්‍රහයක් පවත්වන ලදී. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අජිත් ප්‍රසන්න මහතා විසින් වැඩිදුරටත් අනාවරණය කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් විසින් එම පාලන සමය තුළ දමිළ සැකකරුවන් 12000 ක් නිදහස් කිරීමට කටයුතු කරන ලද බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට