කාලසටහනකට අනුව විදුලිය කපාහැරේ…
පසුගිය දින කිහිපය තුළ දිවයින පුරාවට ක්‍රියාත්මක වන අයුරින් වරින් වර විදුලිය කප්පාදුවක් සිදුවූ අතර නැවත එය විධිමත් කාලසටහනකට අනුව ක්‍රියාත්මක කිරීමට කටයුතු යෙදු බව ලංකා විදුලිබල මණ්ඩලය අවධාරණය කරයි. ඒ අනුව දිවා කාලයේ දී පැය 3 ක් සහ රාත්‍රී කාලයේ දී පැය එකක කාලයක් වශයෙන් දිනකට පැය 4 ක කාලයක් පුරා විදුලි කප්පාදුවක් නිල වශයෙන් ක්‍රියාත්මක වන අතර පෙරවරු 8.30 සිට පෙරවරු 11.30 දක්වා සහ පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා හෝ පස්වරු 2.30 සිට පස්වරු 5.30 දක්වා දහවල් කාලයේ ද, රාත්‍රී කාලයේදී සවස 6.30 සිට රාත්‍රී 7.30 දක්වා සහ රාත්‍රී 7.30 සිට රාත්‍රී 8.30 දක්වා හෝ රාත්‍රී 8.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලි සැපයුම අත්හිටු වන බව ලංකා විදුලිබල මණ්ඩලය අවධාරණය කරයි.