නීති විරෝධීව මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදී සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට..
අනලතිව් දුපතට වයඹ දෙසින් වන මුහුද ආශ්‍රිත ප්‍රදේශයට නීති විරෝධීව ඇතුල්වී ධීවර කටයුතුවල යෙදී සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගත් බව නාවිකා හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අද (26) අළුයම් කාලයේදී සිදුකරන ලද මුර සංචාරයකදී ඉන්දීය ධීවරයින් එකොළොස්දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 03 ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත. අදාළ ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කර ඉදිරි කටයුතු සිදුකිරීමට යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂකවරයා වෙත භාරදීමට නියමිත බව ද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.