දෙහිවල රාජ්‍ය බැංකුවක ගින්නක්..
දෙහිවල, ගාලු පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක අද (28) අළුයම් කාලයේ හටගත් ගින්නක් සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට දෙහිවල පොලීසියට සහ දෙහිවල ගිනි නිවිමේ ඒකකයට හැකිවී ඇති බව වාර්තා වේ. මෙම ගින්න හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර ගින්න ඇතිවීමට හේතුව මේ දක්වා අනාවරණය වී නොමැති බව පොලීස් ආරංචි මාර්ග පවසයි.