සත්‍යයේ පුවත් අඩහැරය….

විදුලි කප්පාදුවට මුවාවී ස්වභාවික විදුලි බලාගාරයක් නීති විරෝධීව මෙරට ඉදිකිරීමේ අවස්ථාව කොරියානු සමාගමකට ලබා දීමේ සුදානමක් පවතිනවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය..

Podu Jana Peramuna2014 වසරේ සිට මෙරට තුළ කිසිදු විදුලිබලාගාරයක් ඉදිනොකිරීම මෙන්ම වෙනත් බල ශක්ති මගින් විදුලිය උත්පාදනය කිරීමට කටයුතු නොකිරීම නිසා දිනකට පැය ගණනක් අදුරේ සිටීමට රටේ ජනතාවට මේ වන සිදුව ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන්ව ඇති අතර එහි තවදුරටත් සදහන්ව ඇත්තේ විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා මෙම විදුලි අර්බුදය ඇතිවී ඇති බවයි.

මේ හේතුවෙන් එම අර්බුදකාරී තත්ත්වය විසදා ගැනීමට යැයි පවසමින් විවිධ උපායන් අනුගමනය කිරීමට මෙරට ව්‍යාපාරිකයින් හා දේශපාලකයින් කටයුතු කරමින් සිටින අතර කොරියානු රජයේ සමාගමක් බව පවසමින් මෙරට ස්භාවික විදුලිබලාගාරයක් ඉදිකිරීමට අවසර ඉල්ලා විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රයක් කටයුතු කිරීම ඉන් එක් ක්‍රියාවක් බව ද මෙම නිවේදනයෙහි සදහන්වේ. අදාළ සමාගම, කොරියානු සමාගමක් බව කොරියානු තානාපති කාර්යාලය විසින් සහතික කළද එසේ සහතිකයක් නිකුත් කර නොමැති බවත් ඒ අනුව එම කැබිනට් පත්‍රිකාව මගින් කැබිනට් මණ්ඩලයම නොමග යවා ඇති බවත් මෙම නිවේදනය තුළ තවදුරටත් සදහන් වේ.

ඉහත සමාගම කිසිදු පළපුරුද්දක් නොමැති සමාගක් බවට මේ වන විට කරුණු හෙළිවී ඇති බවත් මෙම සිදුවිම පසුපස මෙරට ප්‍රබල දේශපාලකයෙක් සිටින අතර ඉහත කොරියානු සමාගමේ නිල නොවන දේශීය නියෝජිතයා වන ලංකාවේ රෝලර් ගේට්ටු නිෂ්පාදනයේ යෙදෙන ප්‍රමුඛ සමාගමක හිමිකරුගේ දියණිය සමග මෙම දේශපාලකයාගේ පුත්‍රයා නුදුරේදීම විවාහ වීමට සූදානමින් සිටින බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට