“මාකඳුරේ මදුෂ්” සමඟ සිටි පිරිසෙන් දෙදෙනෙක් පිටුවහල්..
මෙරට පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන, පසුගියදා ඩුබායි හිදී අත්අඩංගුවට පත් “මාකඳුරේ මදුෂ්” නැමැත්තා සමඟ සිටි පිරිසෙන් තවත් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කර ඇති බව වාර්තා වේ. එම දෙදෙනා අද (18) උදෑසන කාලයේ මෙරටට පැමිණ ඇති අතර ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන ඇත.