සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රහාරය ගැන විමර්ශනයට ජනපති නියමයෙන් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්..

Podu Jana Peramunaඊයේ (21) දිනයේදී සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. රට තුළ ස්ථාන 08 ක ප්‍රහාර සිදුවූ අතර මෙම සිදුවීම් හේතුවෙන් ජීවිත විශාල ගණනක් විනාශ වී තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත. මෙම සිදුවීම් සම්බන්ධයෙන් මුල් වූ කරුණු සහ ඒ සම්බන්ධයෙන් වන පසුබිම පිළිබදව විමර්ශනය කිරීම සදහා මෙම විශේෂ පරීක්ෂණ මණ්ඩලය පත්කිරීමට නියමිතව ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විතව පත්කිරීමට නියමිතව ඇති මෙම පරීක්ෂණ මණ්ඩලයට, ඉදිරි සති දෙකක කාලය තුළ මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට කාලය ලබාදී තිබේ. ඉන්දීයාවේ සහ සිංගප්පූරුවේ විදේශ සංචාරයන්හි යෙදී සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සංචාර නිමා කිරීමෙන් පසු ඊයේ මධ්‍යම රාත්‍රීයේදී යළි දිවයිනට පැමිණ තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට