කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨෙ වසා දැමෙයි..
වහාම ක්‍රියාත්මක වන පරිදි අද (30) උදෑසන 10.00 සිට කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ දින නියමක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අනාවරණය කර සිටියි. පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වසා දැමූ කැළණිය විශ්වවිද්‍යාලය, යළි ආරම්භ කිරීමෙන් පසු දියත් කරන ලද නව ආරක්ෂක වැඩපිලිවෙළ සදහා සිසුන් පිරිසක් නිසි සහය නොදැක්වීමත් සමග ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙසේ විශ්වවිද්‍යාලය වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.