සත්‍යයේ පුවත් අඩහැරය….

රේගු නීති උල්ලංඝනය කරමින් අධි සුඛෝපභෝගී මෝටර් රථයක් අසාද් සාලි සන්තකයේ ..

Podu Jana Peramunaරේගු නීති උල්ලංඝනය කරමින් ළග තබාගෙන සිටි අධි සුඛෝපභෝගී මෝටර් රථයක් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ රථ ගාලයේ තිබී පොලීසිය පසුගියදා සොයා ගෙන ඇත. එහිදී හිටපු ආණ්ඩුකාරවරයාට අයත් ලිපි ලේඛන රැසක් ද මෝටර් රථයේ තිබී සොයා ගැණුනු බව පොලීසිය පවසයි. අධි සුඛෝපබෝගී බෙන්ස් රථයක් කාර් නෙට් බලපත්‍රය යටතේ මෙරටට ගෙන්වා ඇති අතර එම බලපත්‍ර කොන්දේසියට අනුව අනුමත වසර දෙකක කාලය ගත වූ පසු එම රථය ගෙන් වූ රටට  ප්‍රතිඅපනයනය කළ යුතු වේ. එසේ නොවන්නේ නම් රජයට බදු ගෙවමින් එය තබාගත වුව යුතු ද මෙම බෙන්ස් රථය එම රේගු නීති උල්ලංඝණය කරමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ රථ ගාලයේ තිබී පොලීසිය ඊයේ (03) සොයාගෙන ඇත. මෙම රථයේ අයිතිකරු මහනුවරදී පොලීසිය විසින් සොයාගත් අතර ඔහු කාත්තන්කුඩියේ පදිංචිව සිට පසුව එංගලන්තයට ගොස් පැමිණෙන අවස්ථාවේදී කාර් නෙට් බලපත්‍රයක් මඟින් මෝටර් රථය ගෙන්වා ඇති බව තහවුරු කරගෙන ඇත. අසාද් සාලි ආණ්ඩුකාර ධූරයට දරමින් සිටියදී මෙම මෝටර් රථය පොලිස් භාරයට ගැනීමට කොළඹ 07 මල්පාරේ පිහිටි ඔහුගේ අධි සුඛෝපබෝගී මහල් නිවාස සංකීර්ණයක අයත් රථ ගාලට ගිය අවස්ථාවේදී අදාළ මෝටර් රථයේ හිමිකරුට දුරකථන ඇමතුමක් ආණ්ඩුකාරවරයාගෙන් ලැබුණි.එහිදී ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම පරිදි මෝටර් රථයේ හිමිකරු දුරකථනය පොලිස් නිලධාරියාට ලබාදී තිබුණි.අසාද් සාලි මහතා තමන් මෙම මෝටර් රථය පරිහරනය නොකළ බව පැවසුව ද මෝටර් රථය පොලිස් භාරයට ගැනීමෙන් පසුව සිදුකළ පරික්ෂා කිරීමේදී ආණ්ඩුකාරවරයාට අයත් ලිපි ලේඛන රැසක් එහි තිබී සොයා ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට