සත්‍යයේ පුවත් අඩහැරය….

කාදිනල්වරයා විවේචනය කරමින් පාප් වහන්සේට ලිපියක්..

Podu Jana Peramunaකරුණු 05 ක් ඔස්සේ අගරදගුරු, මැල්කම් රංජිත් කාදිනල්වරයා විවේචනයට ලක්කරමින් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පසුගියදා දියත් කරන ලද උපවාසයට සහය පළකිරීම, පසුගිය ප්‍රහාරයත් සමග මුස්ලිම් ජාතිකයින්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව කිසිදු තැකීමක් නොකර රජයේ ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් සදහන් කරමින් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මැල්කම් රංජිත් කාදිනල්වරයා විවේචනයට ලක්කර මෙම ලිපිය යොමුකර ඇත. පසුගිය 21 වනදා මෙරට තුළදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය ඇමෙරිකාවේ කුමන්ත්‍රණයක් බව කාදිනල්තුමා විසින් ප්‍රකාශ කර ඇත්තේ කිසිදු සාක්ෂියක් නොමැතිව බවද අදාළ ලිපියෙහි වැඩිදුරටත් සදහන් කර ඇත. ඒ අනුව ලිපියෙහි සදහන් කරුණු පිළිබදව අවධානය යොමුකරමින් කාදිනල්වරයාට එරෙහිව නිසි විමර්ශනයක් කර ශ්‍රී ලංකාවේ සංහිඳියාව වෙනුවෙන් පාප් වහන්සේ කටයුතු කරනු ඇතැයි ක්‍රියාකරනු ඇතැයි තමන් බලාපොරෙත්තු වන බව ද අමාත්‍ය මංගල සමරවීර මහතා සිව ලිපිය තුළින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට