සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතාවට වගනොකියන වත්මන් ආණ්ඩුව, රටේ ගැටළු විසදීම පසෙකලා ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටළු ගැන පමණක් අවධානය යොමුකරමින් සිටිනවා – යුතුකම සංවාද කවය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව තරම් මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නින්දා, අවලාද සහ අපහාස කරන ලද මෙන්ම භික්ෂූන් වහන්සේලා සිරගත කරන ලද වෙනත් ආණ්ඩුවක් නිදහසින් පසු බිහිනොවූ බව යුතුකම සංවාද කවය සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (13) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ගෙවිදු කුමාරතුංග මහතා සදහන් කර සිටියේ ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ කොලනියක් බවට පත්කිරීමට පාලකයින් කටයුතු කරමින් සිටින අතර යම් යම් චෝදනා එල්ලවූ මුස්ලිම් දේශපාලකයින් තිදෙනෙකුට ඉල්ලා අස්වන්නැයි බලපෑම් කළ විට ආණ්ඩුව නියෝජනය කළ සියඵ මුස්ලිම් දේශපාලකයින් සිය තනතුරු වලින් ඉල්ලා අස්වීම තුළින් සිංහල සමාජය, මුස්ලිම් සමාජයෙන් වෙන්වීම සිදුවූ බැවින් මෙම තත්ත්වය නුසුදුසු ක්‍රියාවක් බවයි.

මුස්ලිම් සමාජය, ජාතික දේශපාලන ප්‍රවාහයෙන් ඉවත්කර සිය පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමේ උත්සහයක නිරතව සිටින බවත් 1983 දී සිදුවූ කළුජූලිය හේතුවෙන් මෙරට ජනතාවට වසර 30 ක කාලයක් පීඩාවට පත්වීමට සිදුවූ බව ද කුමාරතුංග මහතා මෙහිදී තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී. පසුගිය පාස්කු ඉරිදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර පාර්ලිමේන්තුවට කරුණූ වාර්තා කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, රටට එරෙහි තත්ත්වයක් ලෙස හැදින්විය හැකි අතර මෙහිදී හෙළිවන කරුණු ඔස්සේ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබද රට තුළ යම් කාථාබහක් ඇතිවෙමින් තිබෙන බවත් මේ වන විට කළයුතුව ඇත්තේ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම නොව රට වෙනුවෙන් කළයුතුව ඇති කාර්යයන් රැසක් ක්‍රියාත්මක කිරීම බවත් ගෙවිදු කුමාරතුංග මහතා මෙහිදී තවදුරටත් අනාවරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගිවූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසා සිටියේ ජනතාවට වගනොකියන වත්මන් ආණ්ඩුව, රට තුළ උද්ගතව ඇති ගැටළු විසදීම පසෙකලා ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටළු පමණක් විසදීම කෙරෙහි සිය අවධානය යොමු කර ඇති බවයි. මේ වන විට අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාටත්, ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාටත් චෝදනා එල්ල කරමින් සිටින අතර මෙය නාටකයක් බවට පත්ව ඇති බවත් සිය බලය රැකගැනීම සදහා ආණ්ඩුව අසත්‍ය දෑ ප්‍රකාශ කරමින් ජනතාව මුලාකිරීමට කටයුතු කරමින් සිටින බව ද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා යුතුකම සංවාද කවයේ සාමාජික අනූප පැස්කුවල් මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට