සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරයා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කළේ රටේ අවශ්‍යතාවය මතයි – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaමරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අවසර ලබාදීමට තීරණය කිරීම හේතුවෙන් මේ වන විට රට තුළ දැවැන්ත කථාබහක මතුව ඇති අතර මෙරට නීති පොත් තුළ සදහන් වන නීතියක් ලෙස සැලකිය හැකි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපතිවරයා අවසර ලබාදීම පමණක් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මේ බව සදහන් කරන ලද්දේ ඊයේ (02) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. මෙහිදී දයාසිරි ජයසේකර මහතා පහත පරිදි සිය අදහස් දක්වන ලදී.

මෙරට තුළ බලයට පැමිණි කිසිදු ජනාධිපතිවරයෙකු මරණ දඩුවම ක්‍රියාත්මක කළේ නෑ. මෙරට නීති පොත් තුළට පමණක් සීමාවී තිබූ මරණ දඩුවම වත්මන් ජනාධිපතිවරයා විසින් රටේ අවශ්‍යතාවය මත ක්‍රියාත්මක කරන්න තීරණය කළා. බෞද්ධ රටක් ලෙස, මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පුද්ගලිකව විරුද්ධ බවත් අත්‍යාවශ්‍ය අවස්ථාවලදී රීතියක් ලෙස හෝ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සිදුවනවා. මත්ද්‍රව්‍ය භාවිතය අද වන විට රටේ දැවැන්ත ගැටළුවක් බවට පත්වෙලා තිබෙන නිසයි ජනාධිපතිවරයා විසින් මෙවැනි තීරණයකට එළඹුනේ. මේ වන විට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ තීරණයට එරෙහිව නඩු 15 ක් පමණ ගොනුකරලා. මේ වගේ නඩු ගොනුකරලා මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් ආරක්ෂා කරන්නේ ඇයිද කියන ප්‍රශ්නය තිබෙනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට