ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද..
ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට පිළිබද ඡන්ද වීමසීම අද (11) සිදුකිරීමට නියමිතව ඇත. එම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය ඊයේ (10) දින ආරම්භ වු අතර එම විවාදය අද දිනය තුළදී ද පැවැත්වේ. විවාදයෙන් පසු පස්වරු 06.00 ට ඡ්න්ද විමසීම සිදුකිරීමට නියමිතය. විශ්වාසභංග යොජනාවට සහය පළ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මේ වන විට පවසා ඇත.