සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයකින් හෙරොයින් සමග සැකකරුවන් 05 ක් මට්ටු..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයක් තුළදී සිදුකරන ලද මෙහෙයුම් වලදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.ඒ අනුව වැල්ලම්පිටිය, බදුල්ල සහ අක්කරෙයිපත්තුව යන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට පත්ව ඇත. වැල්ලම්පිටිය, මීතොටවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 100 ක් සමඟ තරුණයෙකු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත. එමෙන්ම බදුල්ලේදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 460 ක් සමඟ තවත් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එසේම බදුල්ල, තෙල්බැද්දවත්ත හන්දිය අසලදී ද හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 940 ක් සන්තකයේ ලබාගෙන සිටි තවත් තරුණයෙකු අත්අඩංගුවට පත්ව ඇත. අක්කරෙයිපත්තුවේදී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 310 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ යතුරුපැදියකින් අදාළ හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටිය දී. මෙසේ අත්අඩංවට පත්වූ සැකකරුවන් අද (11) අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට