සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයින් පැය 48 ක වැඩ වර්ජනයකට සැරසේ…

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයින් පැය 48 ක වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා අවධාරණය කරයි. ඒ අනුව මෙම මස 16 වනදා සවස 4 සිට 18 වනදා සවස 4 දක්වා මෙම වැඩ වර්ජනය ක‍්‍රියාත්මක කිරීමට නියමිත බවත් ආණ්ඩුව දිගින් දිගටම තැපැල් සේවකයින් රවටමින් සිටින අතර තවදුරටත් එසේ සිදු නොවන බව එම සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සදහන් කලේය. පැය 48 ක වැඩ වර්ජනයට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ සේවයේ යෙදෙන 3000 කට අධික සියලූම සේවකයින් සහභාගී වන බවත් මෙම වැඩ වර්ජනයත් සමග කොළඹ සිට පිට පළාත්වලට ලිපි සහ පාර්සල් බෙදා හැරීමත් පිට පළාත්වල සිට කොළඹට ලිපි බෙදා හැරීමත් සම්පූර්ණයෙන්ම නතර වන බව හෙතෙම අවධාරණය කරයි.

මෙම වරෟජනයට රජය අවධානය නොදුනහොත් ඉදිරියේදී රට පුරා දිස්ත‍්‍රික් මට්ටමින් පැය 48 බැගින් වර්ජන පවත්වා රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට