සත්‍යයේ පුවත් අඩහැරය….

අයහපත් පරිපාලනයක් තිබෙද්දී ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු දියුණුවක් අපේක්ෂා කළ නොහැකියි – අමාත්‍ය අර්ජන රණතුංග

Podu Jana Peramunaක්‍රිකට් පරිපාලනය ඉතා අයහපත් තත්ත්වයක පවතිද්දී ශ්‍රී ලංකා‍ ක්‍රිකට් කණ්ඩායම තුළ කිසිදු දියුණුවක් අපේක්ෂා කළ නොහැකි බව අමාත්‍ය අර්ජන රණතුංග මහතා අවධාරණය කර සිටියි. මීරිගම ප්‍රදේශයේ පැවැති ක්‍රීඩා උත්සව කිහිපයකට සහභාගිවූ අමාත්‍යවරයා එහිදි මාධ්‍ය වෙත මෙම අදහස් පළකරන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා පවසා සිටියේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ සම ශූරතාව එංගලන්තයට සහ නවසීලන්තයට ලබාදිය යුතුව තිබූ බවයි.

මාධ්‍ය වෙත සිය අදහස් පළකරමින් අමාත්‍යවරයා පහත පරිදි වැඩිදුරටත් කරුණු අනාවරණය කළේය.

“මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ලෝක කුසලාන ඉතිහාසයේ මම දැක්ක හොඳම තරගය. මෙම තරගයේදී කණ්ඩායම දෙකේම ලකුණු සම වීම නිසා කණ්ඩායම් දෙකටම සම ශූරතාව ලබා දුන්නා නම් හොඳ යැයි මම පෞද්ගලිකව සිතනවා. එම තරගාවලියේදී අපේ කණ්ඩායම දිහා බැලූවිට අපේ කණ්ඩායම හිතුවට වඩා දක්ෂතා පෙන්නුම් කළා. නමුත් අපි හරි කණ්ඩායමක් තෝරා තිබුණේ නැහැ. ‍එසේ හරි කණ්ඩායමක් තෝරාගෙන තිබුණා නම් අපිට අවසන් පූර්ව තරගයට පැමිණීමේ හැකියාව තිබුණා. අපේ කණ්ඩායමේ නවක ක්‍රීඩකයෝ තරගාවලියේදී ක්‍රමානුකූලව තම දක්ෂතා වර්ධනය කර ගත්තා. නමුත් මැදපෙළේ දුර්වලතාව නිසා අපි ‍බොහෝ වෙලාවට අසරණ වුණේ. වැදගත්ම‍ දේ අපේ ක්‍රිකට් පරිපාලනය නරක තත්ත්වයක තියෙන විට ක්‍රිකට් කණ්ඩායමේ දියුණුවක් දකින්නට ලැබෙන්නේ නැහැ.
අද ක්‍රිකට් පරිපාලනය සිදු කරන්නේ කිසිම විදියකින් ක්‍රිකට් දැනුමක් නැති අය. ඔවුන්ගේ ආශිර්වාදයෙන් ක්‍රිකට් මුදල් වියදම් කරමින් හතලියක් පමණ ලෝක කුසලාන තරගාවලිය බලන්න යනවා. නමුත් අපේ රටේ පාසලකට ක්‍රිකට් ක්‍රීඩාව උදෙසා සල්ලි දෙන්නැයි කිව්වම ක්‍රිකට් පරිපාලනය අඩනවා. ගමේ දරුවන්ට කී‍්‍රඩාවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නැහැ. ගමේ කී‍්‍රඩකයින්ට අවශ්‍ය බෝලයක් බැට් එකක් ලබා දෙන්නේ නැහැ. ගමේ පාසලට, ගමට බැට් එකක් බෝලයක් නොදී අපි කොහොමද ලෝකය දිනන්නේ. මේ වන විට කි‍්‍රකට් කී‍්‍රඩාව විනාශ වෙලා තියෙන්නේ. මේකට මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන. අද කි‍්‍රකට් පරිපාලනය අන්ත දූෂිතයි. සුදුකාරයෝ, රේස්කාරයෝ නිසා අද කි‍්‍රකට් මුදලට ගිහිල්ලා තියෙන්නේ.
‍‍ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග දිහා බලන්න. අයි. පී. එල්. තරගාවලියට ගිය ක්‍රීඩකයින් ඉන්දියාව හමුවේ සාර්ථක වුණාද ? අයි. පී. එල්. ක්‍රීඩා කළ කිසිම ‍ක්‍රීඩකයෙක් ඉන්දියාව හමුවේ සාර්ථක වුණේ නැහැ. නමුත් අද කිසිම ක්‍රිකට් පරිපාලකයෙක් මේවා ගැන කථා කරන්නේ නැහැ. අවුරුදු හතරමාරක් මේ ආණ්ඩුව ක්‍රිකට් විනාශ කළා. හිටපු ක්‍රීඩා අමාත්‍යවරු විශාල වශයෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා. සූදු කාරයින්ට නැවත වරක් බලය අල්ලන්න අවස්ථාව ලබා දුන්නා. ක්‍රිකට් පරිපාලනය කරන සූදු කාරයොත් ක්‍රීඩා අමාත්‍යවරුන්ට යටි අල්ලස් දුන්නා. හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රදේශයේ හෙට්ටිපොළ ක්‍රීඩාංගණය හදන්න 2017 වර්සයේදී රුපියල් මිලියන 55 ලබා දුන්නා. නැවත රුපියල් මිලියන 65ක් ලබා දුන්නා. ඔක්කොම රුපියල් මිලියන 120ක්. දැන් ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රදේශයේ බදුල්ල ක්‍රීඩාංගණයක් හදන්නත් මෙවර ක්‍රිකට් නිලවරණයට පෙර රුපියල් මිලියන 45ක් දුන්නා. මේවා එක්තරා විදියකින් යටි අල්ලසක් විදියටයි මම දකින්නේ. කොහාම නමුත් දැන් ඉන්න ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මගේ හොද මිත්‍රයෙක්. ඔහුත් මේ ක්‍රිකට් ක්‍රීඩාව හරි මාර්ගයකට ගෙන ගියේ නැත්නම් ඔහුගේ නමත් ක්‍රිකට් විනාශ කළ හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ නම් ගොන්නට එකතු වේවි”.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට