සත්‍යයේ පුවත් අඩහැරය….

කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කිරීම අගයනවා – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

Podu Jana Peramunaපාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම මාධ්‍යයට විවෘත කිරීම සදහා රජය විසින් ගෙන ඇති තීරණය අගයන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කර සිටියි. එම ව්‍යාපාරය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් කර ඇත. එම නිවේදනයෙහි වැඩිදුරටත් පහත කරුණු සදහන් කර ඇත.

මෙය කාලීන මෙන්ම ඓතිහාසික වශයෙන්ද වැදගත් පියවරක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළි ගනියි.
පාර්ලිමේන්තුවේ විවෘතභාවය වෙනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භයේ සිටම පෙනී සිටි අතර, පාර්ලිමේන්තු වරප්‍රසාද අනුව මාධ්‍යවේදීන්ට නඩු පැවැරීමට තිබු නිතී අහෝසි කිරීමට මැදිහත් වීම, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් දිනාගැනීමට කළ අරගලය එම ගමන් මඟෙහි වැදගත් සන්ධි ස්ථාන වෙයි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රයන් හි සිදු වෙමින් පවතින වර්ධනයන් විසින් ඉදිරිපත් කර ඇති අභියෝගයන්ට මුහුණදීමට පුරවැසියන් හට පාර්ලිමේන්තුව ඔස්සේ මැදිහත්වීමට තිබෙන අවස්ථා තව දුරටත් පුළුල්වීමක් ලෙස වැදගත්වේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම මගින් රාජ්‍ය ආයතනයන් හි මුල්‍ය කළමනාකරණය පිළිබඳ විනිවිදභාවය වැඩි දියුණු වන අතර, සිවිල් සමාජයට මෙම කාරක සභාව ඉදිරියේ හෙළිදරව් වන තොරතුරු ඔස්සේ තවදුරටත් පොදු අධිකාරීන්ගේ වගවීම සම්බන්ධයෙන් මැදිහත් වීමට ඉඩක් ලැබෙයි. සමස්තයක් වශයෙන් පාර්ලිමේන්තුවේ විවෘතභාවය සම්බන්ධයෙන් පෙනීසිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පාර්ලිමේන්තුවේ අනෙකුත් කාරක සභාවල කටයුතුද කඩිනමින් මාධ්‍යයට විවෘත කරන ලෙස ඉල්ලා සිටියි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම අගයමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට