සත්‍යයේ පුවත් අඩහැරය….

ඡාවාරම්කරුවන්ට සිතූ සිතූ පරිදි රට තුළට ඕනෑම දෙයක් ගෙන්විය හැකි පරිදි රේගුවේ නීති ලිහිල් වෙලා – සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය

Podu Jana Peramunaඡාවාරම්කරුවන්ට සිතූ සිතූ පරිදි මෙරට තුළට ඕනෑම දෙයක් ගෙන්විය හැකි පරිදි මෙරට රේගු දෙපාර්තමේන්තුවේ නීති පද්ධතිය ලිහිල් වී ඇති බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසිනි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය ආනන්ද හිමියන් පවසා සිටියේ අද වන විට රේගුවේ බහාලුම් පරික්ෂාව ඉතා අකාර්යක්ෂම තත්ත්වයක පවතින අතර බහුතරයක් රේගු නිලධාරීන්ද අල්ලසට හා දූෂණයට යටව කටයුතු කරන බවයි. මෙහිදී වැඩිදුරටත් පහත පරිදි අදහස් පළවිය. මෙරටට ගෙනඑන භාණ්ඩ පරීක්ෂා කිරීමට අවශ්‍ය තාක්ෂණීක පහසුකම් රේගුව සතුව නෑ.

භාණ්ඩ පරීක්ෂා කිරීමේදී ස්කෑනර් යන්ත්‍රයකින් ඡායාරූප ලබා ගත්තත් එම ඡායාරූප ඉතා අපහැදිලියි. මේ සියළු පරීක්ෂාවන් කරන්නේ එක් යන්ත්‍රයකින්. නමුත් දනක් තුළ කන්ටේනර් 3000 ක් පමණ වරායට පැමිණෙනවා. නමුත් පරීක්ෂා කරන්නේ අහඹු ලෙස තෝරාගත් එක් කන්ටේනරයක් පමණයි. රේගුවේ සිදුවන සොරකම අද වන විට නීතියානුකූල හොරකමක් බවට පත්වෙලා. ඇතැම් හොර භාණ්ඩ අත්‍යාවශ්‍ය භාණ්ඩ ලෙස දක්වා නිදහස් කර ගන්නා තත්ත්වයක් උද්ගත වෙලා තිබෙන්නේ. අෂ්රොෆ් අමාත්‍යවරයා සිටි කාලයේ සිටම වරාය අනිවාර්යයෙන්ම තමන්ට අවශ්‍ය යැයි පවසමින් විශාල බලපෑමක් එල්ලවුනා. සිංහල ව්‍යාපාර බිඳ වැටුණේ එතැන සිට.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට