කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 55 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
මන්නාරම, පේසාලේ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 55 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකිවී තිබේ. නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අද (28) අළුයම් කාලයේ සිදුකළ මෙහෙයුමකදී මෙම ගංජා තොගය සහ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදු කරන ලද එම සෝදිසි මෙහෙයුම අතරතුර ලියාපදිංචි නොකළ, සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂා කිරීමේදී අදාළ සැකකරු සහ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.